අද අපි ඉගෙන ගන්න යන්නේ ඔයා ගැන.......

අපි හැමෝටම තියෙන ප්‍රශ්නයක් තමයි අපේ ජීවිතේ අරමුණ මොකක්ද කියන එක.අනාගතේ කවුද වෙන්නේ? මොනාද කරන්නේ කියලා අපි කවුරුත් කොයි වෙලෙත් හිතනවා. Brain Talks වලට ආපු ප්‍රශ්න වලින් ගොඩක් අයට තිබුන ප්‍රශ්නයක් තමයි "ඉස්සරහට මොකක්ද කරන්නේ කියලා තේරෙන්නෙ නෑ" කියන එක. මේකට ප්‍රධාන හේතුව වෙන්නේ ඔයා ඔයාගේ හැටි තවම දන්නේ නැති වීම. තමන් ගැන වටහා ගන්න ක්‍රියාව Self awareness  කියලා හදුන්වනවා. වර්තමානය වනවිට ගොඩාක් සියදිවි හානිවීම් පවා ඇති වෙන්නේ තමන් ගැන තමන්ට දැනුමක් නැති වීම නිසයි.


විශේෂයෙන්ම ලංකාව වැනි රටක පුද්ගලයෙක්ගේ දැනුම මනින්නේ ඒ පුද්ගලයාට තියෙන  උපාධියෙන්. නැත්නම් ඒ පුද්ගලයා විභාග වලට ගත්ත ළකුණු වලින්. සාමන්‍යයෙන් බලන විට ඒක ඉගෙන ගන්න ළමයි සම්පූර්ණයෙන්ම අමාරුවේදාන ක්‍රමයක්. මොකද විභාග පාස් වුණා කියලා ඔයාට ඔයා ගැන ඉගෙන ගන්න අවස්ථාවක් ලැබෙන්නේ නැහැ.මොකද ඔයාට පිටස්තර ලෝකේ ගැන යම් අවබෝධයක් දැන් තියෙන අධ්‍යාපන ක්‍රමයෙන් ලැබුනට, ඔයාගෙ අභ්‍යන්තර ලෝකය ගැන ඔයාට කිසිම අදහසක් නැහැ. ඒක නිසා ඔයා ඉදිරියට කවුද වෙන්න ඕනේ කියලා ඔයාලට දැනුමක් නැහැ. ඔයා ගොඩක් වෙලේට මේ නිසා දෙමව්පියන්ගේ, යාලුවන්ගේ බලපෑම් මත ඔයාගෙ ජීවීතේ තීරණ ගන්නවා. පසු කාලයකදී තමයි ඔයාට තේරෙන්නේ ඔයාගේ ජීවීතේ ඔයා කිසිම ආසාවක් සතුටක් නැතිව ගෙවන බව. මෙහෙම හිතෙන්න ලොකුම හේතුව තමයි ඔයාට මොකක්ද ඕනේ කියලා ඔයා ඔයාගෙන් අහපු නැති එක. එහෙම නැතිනම් ඔයාට Self awareness එකක් නැති කම.

සමහරක් විට මේ වෙනකොටත් ඔයා අතරමං වෙලා ඇති ඔයා කවුද කියලා දන්නේ නැතිව. ඇත්තටම ඔයා ගැන ඉගෙන ගන්න එක ඒ තරම් අමාරු නැහැ. කරන්න තියෙන්නේ ඔයාට ඇහුම්කන් දෙන එක විතරයි. ගොඩක් වෙලේට අපි කරන්නේ පිටස්තර ලෝකේ මොනාද වෙන්නේ කියලා ඇහුම්කන් දෙන එක. විශේෂයෙන්ම ෆේස්බුක් එකේ පැය ගණන් නාස්ති කරමින් අපි අපේ ජීවිත වලට ප්‍රශ්න හොයනවා. කරන්න තියෙන්නේ ඒ සේරම ටිකක් අඩු කරලා ඔයාගේ සිතුවිලි වලට ඇහුම්කන් දෙන්න හදන එක විතරයි. දවසට විනාඩි 10ක් සේරම වැඩ නවත්තලා ඔයා ඔයාගේ සිතුවිලි වලට ඇහුම්කන් දෙන්න පටන් ගත්තොත් ටිකින් ටික ඔයා කලයුතු දේ ඔයාට තේරෙන්න පටන් ගන්නවා. ඔයාගේ ජීවීතේ purpose එක පැහැදිලි වෙනවා කියන්නේ  ඔයා වටේ ඉන්න අයටත් ඔයාව පැහැදිලි වෙන්න පටන් ගන්නවා. ඒ කියන්නේ ඔයාට දැන් තියෙන ප්‍රශ්න ටිකින් ටික අඩුවෙන්න පටන් ගන්නවා. ඇත්තටම ජීවීතේ boring  වෙනවා වෙනුවට නිකන්ම ඔයාගේ life එක success වෙනවා. Brain Talks වලින් අපි වෙනස් වෙමු. එතකොට ලෝකය ඉබේටම වෙනස් වෙයි. ඉතින් ඔයා හිතන විදිහට ඔයා ඔයාවම තේරුම් අරන්ද ඉන්නේ ? ඔයා කොයි වගේ කෙනෙක්ද ? වෙලාව අරන් හිතලා comment කරන්න. ඉතින් ජීවිතේ වෙනස් කරන්න පුළුවන් මේ වගේම Tip එකකින් අපි නැවත මුණගැසෙමු.


_සුලාරි ගොඩකන්ද_