අද අපි කතා කරන්න යන්නේ self doubt  එහෙම නැත්නම් ඔයාට ඔයා ගැන විශ්වාස නැතිවීම ගැන.... 



ගොඩක් වෙලාවට අපේ හිත අපිට කියන දෙයක් තමයි "අපෝ.. ඔයාට කිසි දෙයක් කර ගන්න බෑ. ඔයා නිකන්ම නිකක් නිකමෙක්. ඔයාට පුළුවන්ද දෙයක් කරන්න"  මේ වගේ self doubt සිතුවිලි අපේ හිත්වල කොච්චරවත් තියෙනවා. සමහර විට ඔයා හිතන් ඉන්න ඇති ලෝකයේ ප්‍රසිද්ධ, දියුණු වූ සාර්ථක  පුද්ගලයින්ට ඔවුන් ගැන විශ්වාසය තියෙන්න ඇති කියලා. හැබැයි self doubt එක මේ ලෝකේ හැම මනුස්සයාටම තියෙනවා. එකම වෙනස සමහර මිනිසුන් දන්නවා මේක මගහරින්න. අද අපි බලමු කොහොමද අපිට අපි ගැන තියෙන බය, සැක අයින් කරගන්නේ කියලා.

Self doubt එක නිසා අපේ හිතට එන negative සිතුවිලි වලට අපි කියනවා self destructive thoughts කියලා. අපේ හිතේ මේ වෙන negative කතාබහ බොහොම භයානක විදිහට අපේ ජීවිත වලට බලපානවා. මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වීම,අපරාධ,සියදිවි හානිකර ගැනීම් සිදු වීමට ප්‍රධාන හේතුවක් තමයි මේ self doubt එක. Self doubt එක විසින් අපට සිදු කරන භයානකම දේ තමයි "අපිට කිසිම දෙයක් කරන්න බෑ, ඒ නිසා එය අපට හිමි නෑ කියා අපගේ හිතට දනවන එක". මේ නිසා ගොඩාක් මිනිසුන් ඒගොල්ලොන්ගේ ලොකු හීන අමතක කරලා ඒ හීන වලින් අයින් වෙනවා. නැතිනම් ඔවුන් නොදැනුවත්වම ඔවුන්ගේ ඒ හීන ගිලිහෙනවා. Self doubt එක මුලින්ම ඇති වෙන්නේ ඔයා වටේ ඉන්න විෂ මිනිසුන්  නිසා. අවාසනාවකට ලංකාව වගේ රටක මේදේට දෙමාපියන්, ගුරුවරුන් ඍජුවම වග කියන්න ඕනේ. අපි පොඩි කාලේ අපිට හදට වුනත් යන්න පුළුවන් කියලා අපි විශ්වාස කරත් ටිකින් ටික කාළය ගතවන විට අපි වටේ ඉන්න දෙමව්පියන්,ගුරුවරුන්,යාළුවන් ගොඩක් විට අපි මොනාහරි කරන්න යනකොට "අපෝ.. ඔයාට ඕක කරන්න බෑ...ඕවා කරලා හරි යනවද? ඕවා කරලා රස්සා නෑ" කියන හැගීම අපේ ඔලුවට දානවා. මේක විෂබීජයක් වගේ අපේ හිත්වල පැළවන නිසා තමයි කොච්චරවත් අපිට අපි ගැන විශ්වාස නැතිවෙන්නේ. ඔයා වටේ ඉන්න කවුරු හරි ඔයාට දෙයක් කරන්න බෑ කියලා කියනවා නම් ඔයා මුලින්ම කරන්න ඕනේ ඒ කෙනාව ඔයාගේ ජීවිතෙන් අයින් කරන එක.

මීළගට අපි අපේ negative හිතට විරුද්ධව යුද්ධ කරන්න ඕනේ. දැන් ඔයා බලයි Brain Talks අපි මොකක්ද මේ කියන්නේ කියලා. කොච්චර හොඳ යාළුවෝ අපි වටේ ඉදන් අපිව up කරත් ගොඩක් වේලාවට අපිට self doubt එකෙන් මිදෙන්න අමාරුයි.  ඒකට අපි හැමදාම අපේ වටිනාකම නැත්නම් self worth එක මතක් කරගන්න ඕනේ. කොච්චර අමාරුකම් තිබුනත්,ඔයා කොච්චර fail වුණත් ඔයාගේ හිතේ negative සිතුවිලි වලට ඉඩ දුන්නොත් ඔයාගේ negative mind එකට ඔයා ඇහුම්කන් දෙන්න පටන් ගන්නවා. ඔයා දන්නෙම නැතිව ඔයාට ඔයා ගැන තියෙන විශ්වාසය නැතිවෙලා ඔයා හිතන්න ගන්නවා ඔයා වැඩක් නැති කෙනෙක් කියලා. ලෝකයේ දෙයක් කරපු,සාර්ථක  මිනිසුන්ට ඔයාට නැති අමුතු ජාන නැහැ. ඒ අය කළේ තමන් ගැන තියෙන විශ්වාසය වැඩිකර ගත්ත එක විතරයි. දවසේ ඔබට හැකි ඕනෑම නිදහස් වේලාවක විනාඩි 10ක් ඔබට පුළුවන් self worth එක, එහෙමත් නැත්නම් self belief එක ඇති කර ගන්න. ඒ කිව්වේ " කවුරු මොනවා කිව්වත්, මෙච්චර කල් උත්සාහ කරලා බැරි වුනත්, ලෝකෙම මට විරුද්ධ  වුනත්, මගේ හීනෙට අද මම අගලක් හරි ලංවෙනවා" කියලා හිතන එක. Brain Talks තුළින් අපි වෙනස් වෙමු. ලෝකයම ඉබේටම වෙනස් වෙයි. ඉතින් ඔයා මොකද හිතන්නේ අද අපේ ලිපිය ගැන. ඔයාටත් තියෙනවාද  ඔයා ගැන සැකයක්? comment කරන්න. මේ වගේම තවත් life tip එකකින් අපි නැවත හමුවෙමු.


_සුලාරි ගොඩකන්ද_