How to focus 10× Better






ඇත්තටම focus කියන එක හදාගන්න එක එක ජාතියෙ ක්‍රම ගොඩක් තියෙනවා. ඒත් Brain Talks අපි අද මේ ලිපියෙන් කියන්නේ  අපිට හරි ගියපු එකම සහ හොදම විදියයි. ඒක තමා purpose. එනම්  අරමුණ තෝරා ගැනීම.

පන්තියක ඉන්නවා ළමයි තුන් දෙනෙක්. මේ ළමයි තුන්දෙනාට ඕනේ පන්තියේ පලවෙනියා වෙන්න. තුන්දෙනාටම පන්තියේ පළවෙනියා වෙන්න ඕනේ වෙනස් විදිහේ අරමුණු හින්දා. එක්කෙනෙක්ට පන්තියෙ පළවෙනියා වෙන්න ඕනේ අනිත් දෙන්නාවම පාස් කරන්න තියෙන ආසාව හින්දා. අනිත් කෙනාට පන්තියේ පළවෙනියා වෙන්න ඕනේ එයා පන්තිභාර ගුරුතුමියගේ කැමත්ත  දිනා ගන්න ආස හින්දා. අනිත්  කෙනාට පන්තියේ පළවෙනියා වෙන්න ඕනේ එයාගේ අම්මා සතුටු කරන්න. 
හැමදාම මහන්සි වෙලා වැඩ කරන අම්මගෙ මූණෙ හිනාවක් දකින්න.

දැන් ඔයා හිතන්න මේ තුන්දෙනාගෙන් පාඩම් කරන්න වැඩිම focus එකක් වගේම motivation එකක් තියෙන්නේ කාටද?  පළවෙනි කෙනාට තරගකාරී අරමුණක් තියෙනවා ඒත්, අනිත් දෙන්නගේ තරම් ඒක powerfull නැහැ. දෙවෙනි එක්කෙනාගේ අරමුණත් ඇත්තටම powerful හැබැයි ඒක focus එක වැඩි කරන්න උදව් වෙන්නේ නැහැ. හැබැයි තුන්වෙනි එක්කෙනාගේ අරමුණ අනිත් දෙන්නටම වඩා වෙනස්. ඒක emotionally  powerful. අම්මව මතක් වෙන හැම වෙලාවෙම  එයා තවත් focus වෙලා  වැඩ කරනවා. 

මේ කතාවෙ වගේම ඔයා මොනාහරි දෙයක් කරනවා ඇති. Exam එකක් පාස් වෙන්න try කරනවා  වෙන්න පුලුවන්, Online business  එකක් කරන්න try කරනවා වෙන්න පුළුවන්. මේ ඕනේ දෙයක් ඔයා කරන්නේ හිතේ යම් අරමුණක් තියාගෙන. ඉතින් මේ අරමුණේ emotional power එක  අනුව තමයි ඔයාගේ focus එකයි emotional  එකයි තීරණය වෙන්නේ.  උදාහරණයක්  විදියට ඔයා Online business එකක් trt කරනවා වෙන්න පුළුවන්. මේ වගේ දේකදී ගොඩක් අයගේ ලොකුම අරමුණ මොකක්ද?  සල්ලි හොයන එක.

99% මිනිස්සුන්ගේ අරමුණ සල්ලි හොයන එක.ඒත් ඇයි එයාලගෙන් ගොඩක් අය  focus අරන් වැඩ කරන්නේ නැත්තේ? ඒකෙන් අපට තීරණය කරන්න වෙන්නේ ප්‍රශ්නේ තියෙන්නේ එයාලගේ අරමුණේ. එහෙනම් අපි ඒකට මොකද කරන්නේ? අපිට අලුත් powerful අරමුණක් හොයාගන්න වෙනවා. ඒකට  හොඳම විදිය මේකයි. materialistic දෙයක් එහෙමත් නැත්තන් ද්‍රව්‍යමය දෙයක් සල්ලි,සුපිරි වාහන,සුපිරි ගෙවල්, ලස්සන ගෑණු ළමයෙක් වෙනුවට emotional අරමුණක් ඇති කරගන්න. උදාහරණයක් විදිහට ගොඩක් සල්ලි හොයනවා කියන එක වෙනුවට ගොඩක් සල්ලි හොයලා තමන්ව  ජීවත් කරවන  තාත්තව කවදහරි retire කරනවා කියලා හිතා ගන්න. ඔව් මම දන්නවා තාත්තා කෙනෙක් කවදාවත් පුතාට කියන්නේ නෑ තමන්ව retire කරන්න කියලා  ඒත් තාත්තලා මේවගේ දෙයක් තමන්ගේ පුතාගේ දුවගෙන් බලාපොරොත්තු වෙනවා.
ඒ වගේම තමා සුපිරි ගෙයක් ගන්නවා කියන එක වෙනුවට උදේ ඉඳන් රෑ වෙනකන් හැමදාම කෑම හදලා දෙන ඔයාගේ අම්මට පොඩි නිදහසක් දෙන්න ගෙදරට වැඩට කෙනෙක් ගන්නවා කියන එක ඔයාගේ අරමුණ කරගන්න.

ඔයාට දැන් තේරෙනවා ඇති මෙතනදි සල්ලි හොයනවා කියන මූලික පරමාර්ථය වෙනස් වුණේ නෑ. හැබැයි ඇයි සල්ලි හොයන්නේ කියන එක වෙනස් වුණා. materialistic දෙයක් වෙනුවට අපි ඊට වඩා විශිෂ්ට emotional  අරමුණක් හදාගත්ත.

මේ වගේ අරමුණක් ඔයාගේ ඔළුවේ තියා ගත්තට පස්සේ ඔයා අනිවාර්යෙන්ම කරන්න ඕනේ වැඩේට autofocus වෙනවා. අමුතුවෙන් energy   එකක් ඕනේ නෑ වැඩේ කරන්න. හරි අරමුණට හිත set කරගත්තට පස්සේ ඉතුරු වැඩ සේරම නිකං ගලාගෙන යනවා වගේ සිද්ධ වෙනවා. මොන අරමුණ හදාගත්තත් ඔයාට වැඩ කරන්න බෑ වගේ තේරෙනවා නම් try කරලා බලන්න මේ emotional purpose එකක්. ඒකෙන් ඔයාගේ අරමුණු ජය ගැනීමට ශක්තිය ඇතිවේ. තවත් මේ වගේම life tip එකකින් Brain Talks වෙතින් හමුවෙමු. 
ජය !!


 _සුලාරි ගොඩකන්ද_